Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන් වීමට නියමියි

වයඹ, මධ්‍යම සහ උතුරු යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වීමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව ඔක්තෝබර් 08 වනදා වයඹ පළාත් සභාවත්, 10 වනදා මධ්‍යම පළාත් සභාවත් 25 වනදා උතුරු පළාත් සභාවේත් නිල කාලය අවසන් වනු ඇති. ඒ අනුව මෙම පළාත් සභා තුන ද ආණ්ඩුකාරයාගේ පාලනයකට යටත් වනු ඇති. මෙම පළාත් සභා තුනෙහි කාලය අවසන්විමෙන් අනතුරුව පළාත් සභා 06ක කාලය නිල වශයෙන් අවසන් වන බවයි, මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ.