Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

ඇමරිකාවත් කැනඩාවත් අතර ඩොලර් ට්‍රිලියනයක නව වෙළඳ ගිවිසුමක්

ඇමරිකාව සහ කැනඩාව නව වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම ලෙස නම් කර ඇති එය සඳහා අවසන් මොහොතේ එකඟතාවයකට පැමිණිමට හැකි වී ඇති බව ද වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ  සාකච්ඡාවකින් පසු ඩොලර් ට්‍රිලියනයක පමණ වෙළඳ හුවමාරුවක් සිදු කිරිමට නියමිතයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් ඇමරිකාව කැනේඩියානු කිරි වෙළඳපලට පිවිසෙන අතර කැනඩාව ඇමරිකානු වෙළඳපලට මෝටර් රථ අපනයනය කිරිමට සැලසුම් කර ඇත. ට්‍රම්ප් හඳුන්වා දුන් මෙම නව නිදහස් වෙළෙඳ ගිවිසුමට කැනඩාව පමණක් නොව මෙක්සිකෝව ද අයත් වේ. මෙක්සිකෝව සහ කැනඩාව ඇමරිකාවේ අසල්වැසියන්ය. මුලදී විරෝධය පළ කර ද මෙක්සිකෝ රජය ට්‍රම්ප්ගේ නව වෙළෙඳ ගිවිසුමට පසුව කැමැත්ත පළ කර තිබේ.