Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක්

නව කැලණි පාලම හා ගෝල්ෆේස් අතර ඉදි වන කිලෝමීටර 5.3 ක දිගින් සමන්විත මාර්ගය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කරයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ට ප්‍රවාහන විශේෂඥ Kanzo Nakai සදහන් කළේ “දකුණු ආසියානු කලාපයේ වෙළෙඳ හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ දී යටිතල පහසුකම් සංවර්ධනය හා සම්බන්ධතා වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන් අවධානය යොමු කළ යුතු බවයි”. මෙම නව මහාමාර්ගය හරහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ නගර මධ්‍යයට සෘජුව ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ. මීට අමතරව අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් තවත් ඩොලර් ලක්ෂ 5 ක් ප්‍රදානය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟකාවය පළ කර තිබේ.