Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි 6450 ක්

ග්‍රාමීය  සංවර්ධනය සදහා රජය රුපියල් කෝටි 6450 කට අධික මුදලක් ලබා දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යාංශය පවසයි.

ඒ ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හා රජයේ විමධ්‍යගත ප්‍රතිපාදන ඔස්සේය. ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවයින පුරා  ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 30,840 ක් සඳහා රුපියල් කෝටි1328 කට වැඩි මුදලක් මේ වනවිට ලබා දී තිබේ. දිවයිනේ සංවර්ධන ව්‍යාපෘතීන් හී ප්‍රගතිය පිළිබඳ විමසා බැලෙන මාධ්‍ය හමුවේ දී මේ බව තහවුරු විය. මේ වනවිට ග්‍රාමීය යටිතල පහසුකම් ඇතුළු කඩිනම් සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කල ගම්පෙරළිය වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ. මාර්ග සංවර්ධනය, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, විදුලිය ලබාදීම, හරිත උද්‍යාන නිර්මාණය කිරීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, පාසල් ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ යටතේ සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.