Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

ජපානයට බලපෑ සුළි කුණාටුවකින් 2ක් මරුට 120ක් තුවාල

ජපානයට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් දෙදෙනකු මියගොස් 120දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ට්‍රැමී ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව ඔසාකා නගරාසන්නයෙන් පැයට කිලෝමීටර් 216ක වේගයෙන් හමාගිය බව එරට බලධාරීහු පවසති. දුම්රිය හා ගුවන් ගමන් වාර බොහොමයක් අවලංගු කර ඇති බවත් නිවාස 750,000කට පමණ විදුලිය ද ඇණහිට ඇත. මාසයට පමණ පෙර ද මෙලෙස දරුණු සුළි කුණාටුවක් ජපානයේ බටහිර ප්‍රදේශය හරහා හමා ගියේය.