Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

තුන් ඉරියව්වෙන්ම ලෝකයේ දක්ෂයා රෂීඩ් ඛාන්

ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්ථානයේ රෂීඩ් ඛාන් සමත්ව ඇත.
මෙතෙක් පළමු ස්ථානයේ පසු වූ බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්ට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන්නේ ද රෂීඩ් ඛාන්. එහි පළමු ස්ථානය ඉන්දියාවේ ජෙස්ප්‍රිට් බුම්රාට හිමිව තිබෙනවා. ඉන්දියාවේ කුල්දීප් යාදෙව් එහි තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ඉන්දියාවේ රෝහිට් ෂර්මා සමත්ව ඇත.