Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 3, 2018

මන්ත්‍රී වාහන ගෙන්වීම වසරකට තහනම්

රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම වසරක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
මේ අතර රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීම ද නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. රජයේ සේවකයින්ට ද බලපත්‍ර මත වාහන ආනයනය කිරීම මාස 6කට අත්හිටුවා ඇති අතර එකී කාලය තුළ ණයවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන බවද හයිබ්‍රිඩ් වාහන සඳහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනයේ වටිනාකමින් 50 කට පමණක් බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ශිතකරණ, වායු සමීකරණ. රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකථන හා අනෙකුත් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් හා ටයර් යනාදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100ක තැන්පතුවක් තිබිය යුතු බවද මෙම ක්‍රියාමාර්ග ඉකුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද මෙම පියවරයන් තාවකාලික වුවද විනිමය අනුපාත වෙනස්වීම අඛණ්ඩව නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගන්නා බවද එම නිවේදනයේ දැක්වේ.