Social Icons

facebookrss feedemailtwitter

Thursday, October 4, 2018

ඉදිරියේදී ඉරානයට තේ අපනයනය ඇණ හිටී…..විසඳුම් සොයන්න උපදෙස්

අමෙරිකා එක්සත් ජනපදය පනවා තිබෙන සම්බාදක ක්‍රියාත්මක විමත් සමඟම ඉරානයට තේ අපනයන කිරීමට නොහැකි වීමෙන් උද්ගත වන ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවීම සඳහා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දේ.
ඒ සදහා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගත හකි ක්‍රියා මාර්ග පිළිබදව සොයා බැලීම ආරම්භ කර ඇත. ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වේ. ඒ සමඟම තේ අපනයනය කිරීමට අදාළ ණයවර ලිපි නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම ඇන හිටින බව රජය පෙන්වා දේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් තේ කිලෝ මිලියන 27 ක් 30 ත් අතර ප්‍රමාණයක් මිලදී ගන්නේ ඉරානය විසින්ය. ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති කාලය තුළ තේ අපනයනය කළ හැකි විකල්ප රටවල් සොයා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ. සෝවියට් දේශයෙන් බිඳී ගිය රට වලට ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සාකච්ජා ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.