Social Icons

facebookrss feedemailtwitter

Thursday, October 4, 2018

කොළඹ – කටුනායක අධිවේගයේ පිවිසුමක් 4 වැනිදා සිට තාවකාලිකව වැසේ

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය 04 සිට 20 වැනි දින දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කාල සීමාව තුළ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි. ඒ අනුව පෑලියගොඩ වටරවුම අසලින් අධිවේගී මාර්ගයට ඇතුලූවීම සඳහා පැමිණෙන වාහන වලට කොළඹ – මීගමුව මාර්ගයේ ඇති පිවිසුම ඔස්සේ අධිවේගී මාර්ගයට පැමිණිය හැකිවේ. එමෙන්ම කොළඹ – නුවර මාර්ගයේ තොරණ හන්දියේ ඇති පිවිසුම ඔස්සේ ද අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.