2018 ඡන්ද හිමි නාමලේඛණය 25 වැනි දින සිට සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Friday, October 26, 2018
ඇමරිකාව ගන්නා තීරණයට අනුව ක්‍රියාකරන බව රුසියානු ජනපති පවසයි
අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම පිළිබඳව ඇමරිකාව ගන්නා ක්‍රියාමාර්ග සළකා ඊට ප්‍රතිචාර දක්වන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.
කොළඹට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්
පොදු ප්‍රවාහනය භාවිත කරන ජනතාවගේ පහසුව වෙනුවෙන් සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගැනේ.
කාබන් බද්ද ජනවාරියේ සිට
කාබන් බද්ද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තලේබාන් නායක “මුල්ලා අබ්දුල් ඝානී බරාදර්” නිදහස්
අත්අඩංගුට ගෙන සිටි ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායක මුල්ලා අබ්දුල් ඝානී බරාදර් නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කළේය.
ජෝන් බෝල්ටන් පුටින් හමුවේ
ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් රුසියාවේ මොස්කව් නුවර දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩකයා පිටියට සමුදේ
බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
ජමාල් කෂෝගි ඝාතනයේ සියලුම සාක්කි සීඅයිඒ සංවිධානයට
තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දේ.
ඔබාමාට සහ හිලරිට පුපුරන ද්‍රව්‍ය යැවේ - පරීක්ෂණ ක්‍රියාත්මකයි
ඇමරිකාවේ ස්ථාන කිහිපයකින් හමුවූ බෝම්බ පාර්සල් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකානු රහස් තොරතුරු ඒකකය පියවර ගෙන තිබේ.
විරාට් කෝලිගෙන් යළිත් අන්තර්ජාතික ක්‍රිකට් වාර්තාවක්
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩුම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත් වේ.
පලාලි ගුවන්තොට සංවර්ධනය ගුවන් හමුදාවෙන්
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ගැටළු ගැන විමර්ශනයක්
2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Wednesday, October 24, 2018
රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව e - bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කළ හැකියි
විදේශයන් හී සිටින පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඍජුවම භාණ්ඩ යැවීමට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට විදේශ සමාගම් මඟින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව තිබේ.
“Lonely Planet” සංචාරක ලැයිස්තුවේ පළමු තැන ලංකාවට
ලොව ඉමහත් පිළිගැනීමක් ඇති “ලෝනිලි ප්ලැනට්” නැමැති සංචාරක ගමනා ගමන පොත් ප්‍රකාශනයේ ඉහළම සංචාරක ගමනාන්ත හිමි රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.
පැන්මුන්ජොම් දේශසීමා අතර මුරපොල ඉවත් කිරීමට එකඟත්වයක්
උතුරු සහ දකුණු කොරියා දේශ සීමාවේ දෙරටටම පොදු පන්මුන්ජොන් සාම ගම්මානයෙන් හමුදා මුර පොළ සහ අවි ආයුධ ඉවත් කිරීමට දෙරටේ බලධාරීහු පියවර ගෙන තිබේ.
ලොව 7 වැනි ආශ්චර්යය අනාගත පරපුරට චීනය දායාද කරයි
හොංකොං - චුහයි - මැකාවෝ මහ පාලම චීන ජනපතිවරයා විසින් විවෘත කෙරේ. චීනයේ හොංකොං විශේෂ පරිපාලනය, ගුවන් චෞ පළාතේ චුහයි නගරය සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපය හා සම්බන්ධ කෙරෙන මුහුද මත වසර 15කින් ඉදිවූ මෙම පාලමේ දිග කිලෝමීටර් 55කි.
Tuesday, October 23, 2018
ජාන තාක්ෂණයෙන් ඉදිරියේදී ඖෂධ නීර්ණය කිරීමේ සූදානමක්
ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා සමුළුවක් පැවැත්වීට කටයුතු කෙරේ. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
Subscribe to:
Posts (Atom)