Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

ඇමරිකාව ගන්නා තීරණයට අනුව ක්‍රියාකරන බව රුසියානු ජනපති පවසයි

අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම පිළිබඳව ඇමරිකාව ගන්නා ක්‍රියාමාර්ග සළකා ඊට ප්‍රතිචාර දක්වන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ 24 වැනි දින සංචාරයක් සඳහා රුසියාවට පැමිණි ඉතාලි අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ය. ඇමරිකාව මෙම ගිවිසුමෙන් ඉවත් වී යුරෝපයට අන්තර් - මධ්‍යම මිසයිල සපයා දුනහොත් රුසියාව ඊට වහාම ප්‍රතිචාර දක්වන බව ව්ලැදිමීර් පුටින් මහතා එහිදී කියා සිටියේ ය. රුසියාව එම ගිවිසුම උල්ලංඝනය කළ බවට ඇමරිකාව සාක්ෂි රහිතව චෝදනා නඟන ලද්දේ තමන්ට එම ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය ව්‍යාජ හේතු සොයා ගැනීම සඳහා යැයි ද ඔහු පැවසීය. ලබන නොවැම්බර් මාසයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව, ව්ලැදිමීර් පුටින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.