Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

කොළඹට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්

පොදු ප්‍රවාහනය භාවිත කරන ජනතාවගේ පහසුව වෙනුවෙන් සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගැනේ.
ඒ යටතේ නව දුම්රිය මාර්ග 07 ක් හඳුනාගෙන ඇති බව, මහානගර හා සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම මාර්ග 7 න් එක් මාර්ගයක් ‍මේ වනවිට ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියායාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන සිදුකෙරෙන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා සඳහන් කර සිටී. අනෙකුත් මාර්ග 6 පැකේජ තුනක් ලෙස සංවර්ධනය කර පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ ක්‍රියායාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා විදේශීය සමාගම් 17 ක් මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව ද පැවසේ.