Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

ජාන තාක්ෂණයෙන් ඉදිරියේදී ඖෂධ නීර්ණය කිරීමේ සූදානමක්

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා සමුළුවක් පැවැත්වීට කටයුතු කෙරේ. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුව 24 වැනි දින ඇරඹේ. මෙය සංවිධානය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය ඒකාබද්ධවයි. මේ සදහා ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍යවරුන්, විද්‍යාඥයින් සහභාගිවීමට නියමිත බව පැවසේ. ප්‍රවේණියක ලක්ෂණ හේතු කර ගනිමින් ඇතිවන බෝවන සහ බෝ නොවන රෝග සඳහා ජාන වලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරිමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇත. පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සඳහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇත. මෙමඟින් රෝගී සත්කාර සේවා සඳහා වැය වන පිරිවැය ද ඉතා අඩු වේ.