Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

තලේබාන් නායක “මුල්ලා අබ්දුල් ඝානී බරාදර්” නිදහස්

අත්අඩංගුට ගෙන සිටි ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායක මුල්ලා අබ්දුල් ඝානී බරාදර් නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කළේය.
පාකිස්තාන රජය මෙම තීරණය ගෙන ඇත්තේ, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ ඇමරිකන් රජය කළ ඉල්ලීමකට අනුව යැයි ද පැවැසේ. ජ්‍යෙෂ්ඨ නායක මුල්ලා අබ්දුල් ඝානී බරාදර් නිදහස ලැබූ බව, ඇෆ්ගන් තලේබාන් සංවිධානය ද විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.