Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

ජමාල් කෂෝගි ඝාතනයේ සියලුම සාක්කි සීඅයිඒ සංවිධානයට

තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දේ.
එහි ප්‍රධානී ජිනා හස්පෙල් 23 වැනි දින තුර්කියේ සංචාරය කර ඇති අතර එහිදි තුර්කි බලධාරීන් අදාළ සාක්කි සහ තොරතුරු ඇයට ලබා දී ඇත. සෞදි මාධ්‍යවේදි ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය කෙරුණි. ජමාල් ඇමෙරිකා එක්සත් ජනපදයේ “වොෂින්ටන් පෝස්ට්” පුවත්පතේ මාධ්‍යවේදියෙකි. වීඩියෝ ඡායාරූපය, හඬ පට සහ කොන්සියුලර් කාර්යාලයෙන් සහ තුර්කියේ සෞදි කොන්සියුලර්වරයාගේ නිවසින් සොයාගන්නා ලද සාක්කි එලෙස ජිනා හාස්පෙල්ට ලබා දී ඇත.

 
මේ අතර ජමාල් කෂෝගි ඝාතනය කළ බව සෞදි රජය පිළිගෙන තිබේ.