Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

ඔබාමාට සහ හිලරිට පුපුරන ද්‍රව්‍ය යැවේ - පරීක්ෂණ ක්‍රියාත්මකයි

ඇමරිකාවේ ස්ථාන කිහිපයකින් හමුවූ බෝම්බ පාර්සල් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකානු රහස් තොරතුරු ඒකකය පියවර ගෙන තිබේ.

මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ ධන කුවේරයෙකු ලෙස සැලකෙන ජෝර්ජ් සරෝස්ගේ නිවසට පුපුරණද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලැබී තිබූ අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් යුවලගේ නිවසට ද එවැනිම පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් යවා තිබිණ. පසුව වොෂින්ටන් හි පිහිටි හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ නිවසට ද පුපුරණද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලැබී තිබූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇමරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි සී.එන්.එන් කාර්යාලයට ද පුපරණද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලැබී තිබේ.