Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

ඉතිහාසයේ පළමු වරට ඉතියෝපියාවට ජනාධිපතිනියක්

ඉතියෝපියානු ජනාධිපති ධුරය සඳහා පළමු වරට කාන්තාවක් තෝරාපත් කරගෙන තිබේ.
25 වැනි දින රැස්වු එරට පාර්ලිමේන්තුව ජනාධිපති ධුරය සඳහා සාලේවෝර්ක් සෙව්ඩේ තෝරා පත් කරගෙන ඇති බව සඳහන් වේ. රාජතාන්ත්‍රික නිලධාරිනියක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඇය ඉදිරි දිනකදි ඉතියෝපියාවේ සිව්වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතියෝපියානු ජනාධිපතිධුරයේ කටයුතු කළ මුලාතු ටෙෂොමි පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්විය. ඉතියෝපියාවේ තෙවන ජනාධිපතිවරයා ලෙස 2013 වසරේ පත්වූ 63 හැවිරිදි මුලාතු ටෙෂොමි වසර පහක කාලයක් එම ධුරයේ කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු පිළිබඳ ඔහු විසින් සිය ලිපියෙන් අනාවරණය කර නොමැති බව වාර්තා වේ. කෙසේ වුවත් ඉතියෝපියාවේ ජනාධිපතිධූරය නාම මාත්‍රික තනතුරකි. එරට බලය ඇත්තේ, අගමැතිවරයාටය.