Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 24, 2018

රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව e - bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කළ හැකියි

විදේශයන් හී සිටින පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඍජුවම භාණ්ඩ යැවීමට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට විදේශ සමාගම් මඟින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව තිබේ.
එහෙත් විදේශයන් හී සිටින පාරිභෝගිකයින්ට එසේ භාණ්ඩ යැවිය හැකි අවස්ථාව නොමැත. ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහාත්, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම සඳහාත්, මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ පාරිභෝගිකයින් වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව යැවිය හැකි වේ.