Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ගැටළු ගැන විමර්ශනයක්

2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ දී පරස්පර ලකුණු ඉදිරිපත් කළ හා ප්‍රදර්ශනය කළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙමගින් අවධානය යොමුකරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. රජය තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කර තිබේ. එවැනි අවස්ථාවක ඇතැම් පාසල්වල නිලධාරීන් සිතාමතා හෝ වගකීම් විරහිතව හෝ මෙලෙස පරස්පර ලකුණු දෙමාපියන් අතරට පත්කිරීම කිසිවිටෙක අනුමත කළ නොහැකි බව, අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කරයි.