Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 24, 2018

“Lonely Planet” සංචාරක ලැයිස්තුවේ පළමු තැන ලංකාවට

ලොව ඉමහත් පිළිගැනීමක් ඇති “ලෝනිලි ප්ලැනට්” නැමැති සංචාරක ගමනා ගමන පොත් ප්‍රකාශනයේ ඉහළම සංචාරක ගමනාන්ත හිමි රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.
2019 වසරට අදාළ සුප්‍රසිද්ධ වාර්ෂික මඟපෙන්වීම් යටතේ දකුණු ආසියාවේ පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර ඇති අතර පිළිවෙලින් දෙවන සහ තෙවැනි ස්ථාන හිමි කරගෙන ඇත්තේ ජර්මනිය සහ සිම්බාබ්වේ රටවල්ය. සංචාරක ගමනාන්ත ලැයිස්තුවට ලොව රටවල් 10ක් ඇතුලත් වේ.  ඒ අනුව සෙසු සංචාරක ගමනාන්නත ලෙස ඉහළ තැනක් ලබා ඇත්තේ පැනමා, කිරිගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරුසියාව, සඕ ටෝම්, ප්‍රින්සිපි සහ බෙලිස් වේ. ශ්‍රී ලංකාව එහි හඳුන්වා දී ඇත්තේ සිවිල් යුද සමයක අදුරු කාලපරිච්ඡේදයකින් පසු යළිත් මිත්‍රශීලී ස්ථානයක් බවට ප්‍රවේශ වී ඇති රටක් ලෙසයි.