Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

තුන් ඉරියව් ක්‍රීඩකයා පිටියට සමුදේ

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
35 හැවිරිදි බ්‍රාවෝ 2016 වසරෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා සහභාගී නොවූ අතර ඊයේ (25) දිනයේ සිය සමුගැනීම ඔහු විසින් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 2004 වසරේදී කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් පළමු ටෙස්ට් තරගයට සහභාගී වූ බ්‍රාවෝ ටෙස්ට් තරග 40කට සහභාගී වී ඇත. ඔහු සහභාගී වී ඇති එක්දින තරග සංඛ්‍යාව 164 ක් වන අතර 20යි 20 තරග  සංඛ්‍යාව 66 කි. කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සදහා තවදුරටත් සහභාගි වීමට ඩ්වේන් බ්‍රාවෝ අපේක්ෂාවෙන් පසු වන බව ද සඳහන් වේ.