Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

2017 වසරේ සුරාබදු වැටලීම් වලින් භාණ්ඩාගාරයට විශාල මුදලක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2017 වර්ෂය තුළ විවිධ සුරා අපරාධ සම්බන්ධයන් වැටලීම් 48,482 ක් සිදු කර ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 191 කට වැඩි මුදලක් රජයට දඩ මුදල් ලෙස අයවී ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසී


මෙම වැටලීම්වලදී සැකකරුවන් 44,059 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් මේ වන විට අවසන් වී ඇති වරද පිළිගත් සැකකරුවන් 43,550 ක් වෙනුවෙන් රුපියල් මිලියන 191 ක දඩ මුදල අධිකරණය විසින් පනවා තිබේ.

මෙම වැටලීම් වලදී සුරා අපරාධ 35,471 ක් සිදු කර ඇත. ඉන් 1640 ක් නීති විරෝධී ලෙස මත්පැන් හෙවත් කසිප්පු නිපදවීම සම්බන්ධයෙන් වේ. නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු අලවි කිරීම සඳහා ළග තබා ගැනීම සම්බන්ධයෙන් වැටලීම් 9378 ක් සිදු කර ඇති අතර, කසිප්පු ප්‍රවාහනය කිරීමේදී වැටලීම් 24,453 ක් අත්අඩංගුවට ගෙන ඇත. හෙරෝයින් මත් කුඩු ළග තබා ගැනීමේ වැටලීම් 2053 ක් වටලා ඇති සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගංජා ළග තබා ගෙන සිටි පුද්ගලයින් 3847 ක් වටලා අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ලෙස කංසා වගා කළ ස්ථාන 50 ක් ද වැටලීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.ඊට අමතරව කොකේන්, එල්.එස්.ඩී,එක්ස්ටසී ආදී මත් ද්‍රව්‍ය ළග තබා ගෙන සිටීමේ සිදුවීම් 71 ක්ද වටලා ඇත.


ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය කළ පුද්ගලයින් 2078 ක් අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නිලධාරීන් නියමිත බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 2002 ක් සිදු කර ඇත. බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලවි කිරීමේ ස්ථාන 2328 ක්ද සුරා බදු නිලධාරීන් විසින් 2017 වසරේදී වටලා ඇත. ඊට අමතරව වෙනත් දුම්කොල වැරදි සම්බන්ධ වැටලීම් 565 ක්ද සිදු කර ඇති බව කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි.

2017 වර්ෂය තුළදී මත්පැන් අලවි කිරීම සදහා රජය විසින් බලපත්‍ර ලබා දී ඇති ස්ථාන 4526 ක අක්‍රමිකතා සුරාබදු නිලධාරීන් විසින් ග්‍රහණය කර ගෙන ඇත. එම බලපත්‍ර ලාභීන් සම්බන්ධයෙන් සුරාබදු නීතිය අනුව සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව රුපියල් මිලියන 102 ක සමථ ගාස්තුවක්ද රජයට අයවී ඇත.