Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 34ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගං වතුර තත්වයන් හමුවේ මොවුන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අහයපත් කාලගුණ තත්වයෙන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත 11 කට බලපෑම් සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබේ. නිවාස සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති බව ද සඳහන් වේ.