Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

චීන කොමියුනිස්ට් නිලධාරියා අල්ලස් චෝදනාවට දිවි ඇති තෙක් හිරේට

අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරියකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී ඇත්තේ එක් අවස්ථාවකදී ජනාධිපති ෂී ජින්පින්ගෙන් පසු ජනාධිපතිධුරයට පත්වනු ඇතැයි පැවසුණ සෙන් සෙන්ග්කායිය.
චීන ජනාධිපතිවරයා දූෂණ මැඬලීමේ අරමුණින් වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධානිය වශයෙන් කටයුතු කරන්නේ ද ඔහුය.


සෙන් සෙන්ග්කායි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකි. එමෙන්ම ඔහු චීනයේ නිරිත දිග මහ නගරය වන චොන්ග්කින්ග් හී පක්ෂ ප්‍රධානියාය. ඔහු යුවාන් මිලියන 170 කට (එක්සත් ජනපද ඩොලර් මිලියන 26.7කට වැඩි මුදලක්) අධික මුදලක් අල්ලස් ලෙස ගැනීමට වරදකරු වූ බව චීනයේ ටියැන්ජින් අධිකරණය පවසයි. මේ වන විට සෙන් සෙන්ග්කායි චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත උසස් කමිටුවේ සාමාජිකත්වය ද සඳහා ද යෝජනා වී තිබේ.

මෙම කමිටුවේ නායකත්වය දරන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්ග්ය. පාලන කටයුතු ඇතුළු රට සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගන්නේ මෙම කමිටුව මඟිනි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ කනිෂ්ඨතම සාමාජිකයකු වන සෙන් සෙන්ග්කායි එක් අවස්ථාවකදී ෂී ජින්පින්ගෙන් පසු ජනාධිපතිධුරයට පත්වනු ඇතැයි ද බලාපොරොත්තුවක් තිබිණ.