Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

ඇමරිකානු වෙළඳ ප්‍රතිපත්තිට රටවල් කිහිපයක විරෝධය

ඇමෙරිකානු වෙළඳ ප්‍රතිපත්ති නිසා යුරෝපා සංගම් අයිතිවාසිකම්වලට හානි සිදුවීම සම්බන්ධයෙන් පොදුවේ විරුද්ධ වන බව ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය යන රටවල් තුනෙහි නායකයෝ පවසති.

ජර්මාන් චාන්සලර් Angela Merkel, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron හා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය Theresa May අතර දුරකථන සාකච්ඡාවක් මේ පිළිබදව පැවති බව පැවසේ.

යුරෝපා සංගමයට එරෙහිව ඇමෙරිකාව වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ යුතු බව එම රටවල් තුනෙහි නායකයන්ගේ අදහස වී තිබේ. බහු පාර්ශ්වික ජාත්‍යන්තර පද්ධතියේ සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යුරෝපා සංගමය සූදානම් කළ යුතු යැයි රටවල් තුනෙහි නායකයන් දුරකථන සාකච්ඡාවේදී පවසා ඇත.

ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුම් රාමුවේ රැඳී සිටිය යුතු බවට ද ඔවුහු අදහස් කළයි. එම රටවල් තුන අදාළ පාර්ශ්වයන් සමඟ න්‍යාෂ්ටික අවි සීමා කිරීම සහ සෙසු ප්‍රශ්න පිළිබඳ අතිරේක ගිවිසුමක් සම්පාදනය කිරීමේ කැමැත්ත ද එහිදී අවධාරණය කෙරිණ.