Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

විකෘති මුදල් නෝට්ටු කෝටි ගණනක් විනාශ කරයි

විකෘති කළ මුදල් නෝට්ටු දාහත් කෝටි හැත්තෑ ලක්ෂයකට අධික ප්‍රමාණයක් විනාශ කෙරේ. එම මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් කෝටි 9420 ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විකෘති කෙරුණු මුදල් නෝට්ටු වෙනුවට ව්‍යවහාර මුදල් නෝට්ටු ජනතා පරිහරනයට විධිමත්ව ලබා දීමේ අරමුණින් මහ බැංකුව විසින් මෙය ක්‍රියාවට නංවා ඇත. මේ අතර, විනාශ කරන ලද මුදල් නෝට්ටු වෙනුවට රුපියල් කෝටි 50, 460 ක් වටිනා ව්‍යවහාර මුදල් නෝට්ටු තිස් එක් කෝටි දස ලක්ෂ 70, 000 ක් අලුතින් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි.