Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

තානාපති කාර්යාලයේ විවෘත කිරීමට ට්‍රම්ප් සහභාගී නොවන බව පැවසේ

ජෙරුසලමේ පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලය ලබන සතියේ විවෘත කිරීමට නියමිතව ඇති අතර, ඊට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී නොවනු ඇතැයි, ඇමරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස නම් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරන බව, නිවේදනය කළේ ඉකුත් වසර අවසානයේදීය. ජෙරුසලම ඊශ්‍රායලයට පමණක් නොව පලස්තීනයට ද අයිති ලෙස සැළකේ. ට්‍රම්ප්ගේ තීරණය ආන්දෝලනාත්මක වූයේ මේ නිසාය.


මෙම තීරණය මුල්කර ගනිමින් මුළු ලොවම ට්‍රම්ප්ට විරෝධය දැක්වීය. ඊශ්‍රායල පලස්තීන සාම වැඩපිළිවෙළට ඇමරිකාව සම්බන්ධ කර ගැනීම පවා පලස්තීනය මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත. ජෙරුසලමට මාරු කළ ඇමරිකන් තානාපති කාර්යාලය විවෘත කිරීම ට්‍රම්ප් අතින් සිදුවේවි යැයි ඊශ්‍රයල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මීට පෙර අවස්ථා ගණනාවකදී මාධ්‍යට අදහස් දක්වා තිබිණ.