Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

ඇමරිකාව “ඛේදවාචකයේ දිනය” සැමරුවේද?

ඊශ්‍රායලය නිර්මාණය කරන ලද්දේ 1948 වසරේ 15 වැනි දිනක වන අතර පලස්තීන ජනතාව තම ගම් බිම් අත්හැර පලා ගියේ ද මෙවැනි දිනකදීය.

එම සිදුවීම් වලට වසර 70ක් සපිරීම නිසා විරෝධතා උත්සන්න වූ අතර බෙත්ලෙහෙමේ ද විරෝධතා පැවැත්විණි. මෙම දිනය “නක්බා දිනය” එසේත් නැතිනම් ඛේදවාචකයේ දිනය යනුවෙන් ද හඳුන්වයි.

ගාසා තීරයේ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවටත් කනගාටුවත් පත්වන බව ප්‍රකාශ කළ එක්සත් රාජධානියේ විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සාමකාමී විරෝධතා වලින් ප්‍රචණ්ඩකාරී පිරිස් තම පටු වුවමනා ඉටු කරගෙන ඇතැයි ද පවසා තිබේ.


“අවි ආයුද භාවිත කිරීමේදී සීමාවක් හා සංයමක් පවත්වා ගන්නැයි”ද විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලයට අවධාරණය කළේය. මේ අතර ස්වාධීන පරීක්ෂණයකට තමන් ද සහාය දක්වන බව ජර්මනිය ද පවසා ඇත.