Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

එක්සත් රාජධානිය ගාසා තීරයේ ඇති වූ ගැටුම් පිළිබද විමසිල්ලෙන්

ගාසා තීරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි එක්සත් රාජධානිය ප්‍රකාශ කළේය. ඊශ්‍රායල - ගාසා දේශසීමාවේ පැවැති විරෝධතා අතරවාරයේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කරන ලද ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එක්සත් රාජධානිය ඒ බව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමත් සමඟ ගාසා තීරයේ වීදිවලට පලස්තීන වැසියන් 40,000කට ආසන්න පිරිසක් පැමිණි අතර ඊශ්‍රායල - ගාසා දේශසීමාවේ පැවැති විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ පලස්තීන වැසියන් අතර ගැටුම් ද ඇතිවිය.

ගැටුම් හේතුවෙන් 2,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. “ගාසා තීරයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් කෙරෙන ස්වාධීන පරීක්ෂණයකට එක්සත් රාජධානිය සහාය දක්වනවා” යැයි බ්‍රිතාන්‍යයේ මැදපෙරදිග කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලිස්ටයාර් බර්ට් පැවැසීය.