Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

ධූරයේ ඉන්නේ වසරක් හෝ දෙකක් - මහතීර් මොහොමද් පවසයි

තමන් අවුරුද්දක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින බව මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමද් ප්‍රකාශ කළේය.

අගමැතිධුරයේ කටයුතු නොකරන බවත් තනතුර අන්වර් ඊබ්‍රහීම් ට ලබාදී තමන් ඉවත් වන බවත් මහතීර් මොහොමද් මීට පෙර ද පැවැසීය. කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් මහතීර් මොහොමද් සහ අන්වර් ඊබ්‍රහීම් දෙදෙනා වෙනස් අදහස් දරන බව වාර්තා වේ. මෙම ආරවුල නිරවුල් කරමින් තමන් වසරක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව මහතීර් මොහොමද් පවසයි.