Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සාධාරණ ද?

ග්ලයිෆොසෙට් කෘෂි රසායනික ද්‍රව්‍යයක් බැවින් එය මිනිස් සිරුරට අහිතකර බව පරීක්ෂණ මගින් ඔප්පු වී තිබියදී ග්ලයිෆොසෙට් තහනම රජය ඉවත් කර ඇත්තේ කිසිදු පදනමකින් තොරව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළේ ආර්ථික හේතු මත කියා ඇතැම් පුද්ගලයන් පැවැසුව ද ග්ලයිෆොසෙට් හරහා වන පාරිසරික බලපෑම සමාජ බලපෑම, සෞඛ්‍ය බලපෑම  අධ්‍යයනය කළේ කෙසේ දැයි යන්න මේ දක්වා රටට හෙළිකර නොමැති බවද වෛද්‍යවරයා පැවසීය.