Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ගිනි කන්ද පිපිරීමෙන් ජන ජීවිතයට බාධා

ලොව ගිණි කදු අතර සක්‍රීය ගිණි කන්දක් වශයෙන් හැදින්වෙන ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යයේ, කිලවේයා නමැති දූපතේ දක්නට ඇති ගිනි කදේ ලාවා පිටවීම නිසා ජන ජීවිතයන්ට බාධා පැමිණ තිබේ.

මේ නිසා දූපතේ ජීවත් වන 1,700 කට වැඩි පිරිසක් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.

හවායි දූපත්, ගිනි කඳු වලින් බහුල ය. බොහෝ ගිනි කඳු මේ වන විට අක්‍රියව පවතී. කිලවේයා දූපතේ “පූ ඕ” නමැති එම ගිනි කන්ද ලාවා පිට කරමින් පුපුරා යන අවස්ථාවේ භූ කම්පන මාලාවක් ද හටගෙන ඇති බව පැවසේ. ගිනි කඳු කුහරයෙන් නිකුත් වන ලාවා වලට හසුවීමෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවු බව වාර්තාවේ. මාර්ග රැසක් ලාවා වලට යට වීමෙන් මුළුමනින්ම විනාශවී තිබේ. ලාවා සමඟ සල්ෆර් ඩයොක්සයිඞ් විෂ වායු නිකුත් වීමට ද ආරම්භ වී ඇති බව පැවසේ.


මෙම ගිණි කන්ද සක්‍රීය ගිණි කන්දක් වශයෙන් හදුන්වන්නේ, වර්ෂයේ දින 365 හිම මෙම ගිණි කන්ද සක්‍රීයවම ලාවා පිට කරන නිසාය.

සෑම දිනම ලාවා ගලා යමින් මුහුදට එක්වේ. නමුත් මෙවර එම ගිණි කන්දේ වෙනත් ප්‍රදේශයක ලාවා පිටවීම ආරම්භ වී ඇත. මෙම ගිණි කන්ද විශාල සංචාරක ආකර්ශණයක් පවතින ස්ථානයකි.