Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

ඉදිරි දෙසතියේ දී තවත් ඖෂධ රැසක මිල අඩු වේ

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කල අතර ඉදිරි සති දෙක තුළත් තවත් ඖෂධ වර්ග ගණනාවක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

යහපාලන ආණ්ඩුව යටතේ රෝගීන්ට ලබා දිය හැකි උපරිම සහන ඉහළින්ම ලබාදීමට කටයුතු කරන බවත් එමඟින් මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් හා කාර්යක්ෂම වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දකුණු ආසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම රටවලට සාපේක්ෂව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වනුයේ ශ්‍රී ලංකාවේ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ මෙම උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.