Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

ජාතික විගණන පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි - කතානායක දැනුම් දෙයි

ජාතික විගණන පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුව ඊයේ(09) දහවල් රැස්වූ අවස්ථාවේදී කතානායකවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාට අයත් නිල කාමරයේ සුළු ගිනිගැනීම් තත්ත්වයක් හට ගැනිණ. එහි සේවකයින් සහ පාර්ලිමේන්තු ගිනි නිවීමේ ඒකකය මැදිහත් වී එය මැඩපැවැත්වූ බව වාර්තාවේ. කාමරයේ පිහිටි වායු සමීකරණයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන තිබේ.