Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

න්‍යෂ්ටික අවි හරනය සිදු කළේ ඇමරිකානු සම්බාධක නිසා නොවන බව - උතුරු කොරියාව සඳහන් කරයි

තම රට කොරියානු අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීමේ පියවරකට මුල පිරුවේ ඇමරිකානු සම්බාධක නිසා නොවන බව උතුරු කොරියාව සඳහන් කරයි. එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඇමරිකාව මහජන මතය නොමඟ යැවීමට කටයුතු කරන බවයි.

එවැනි ක්‍රියා මඟින් උතුරු කොරියාව ප්‍රකෝප නොකරන ලෙස ද ඉල්ලා ඇත. එරට නායක කිම් ජොං අන් ඓතිහාසික චාරිකාවක් ලෙස පසුගියදා දකුණු කොරියාවට ගොස් ප්‍රකාශ කළේ කලාපය න්‍යෂ්ටික අවියෙන් තුරන් කිරීම සඳහා තම රට කැපවන බවයි.

එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර හමුවක් ද නුදුරේදීම පැවැත්වීමට නියමිතව පවතී.