Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

සිව්වන වරටත් ව්ලැදිමීර් පුටින් ජනපති ධුරයේ දිවුරුම් දෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිව්වෙනි වරටත් එම ධුරයේ දිවුරුම් දෙයි. සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පසුගිය මාර්තු 19 වැනි දින පැවති ජනාධිපතිවරණය ඔහු ජයග්‍රහණය කළේය.

පුටින් 2000 වසරේ සිට වසර 18 ක කාලයක් රුසියානු ජනාධිපතිවරයා ලෙසත් තවත් අවස්ථාවල අගමැතිවරයා ලෙසත් බලයේ රැඳී සිටී. මේ අතර පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට එරෙහිව මොස්කව් නගරයේ 06 වැනි දින පැවති විරෝධතා අතරතුර 1000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බවද පැවසේ.