Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් කෙරෙන ගැසට් නිවේදනය අප්‍රේල් 7

පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ අප්‍රේල් මස 07 යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය දා එය ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බවයි.


පාසල් අවට මීටර් 500 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද එය මේ වන විට මීටර් 100 දක්වා අඩු කර ඇත. තව ද වයස අවුරුදු 18 ට අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීම තහනම් කිරීමේ නියෝගය වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරියේ දී ලබා ගැනීමට නියමිතය.