Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

මිලියන 1,000 ක වියදමින් වැව් 1,500 ක් ප්‍රතිසංස්කරණයට පියවර

ශ්‍රී ලංකාවේ වියළි කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවක නිසි නඩත්තුවක් නොමැතිකම නිසා කැඩී බිඳී ගොස්, අතහැර දමන ලද වැව් 2,055 ක් සහ අමුණු 1,578 ක් තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ පිළිබද දැනුවත් කර ඇති බව පැවසේ. ඒ අනුව වර්ෂාව ලැබෙන විට එම ජලය ගබඩාකර තබා ගැනීම මඟින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබාදීම සඳහා 2018, 2019 වසර දෙක තුළ කැඩී බිඳී ගිය සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා 2018 වසර තුළ වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 1,000 කි. එමඟින් කැඩී බිඳී ගොස් අතහැර දමන ලද වැව් 1,500 ක රොන්මඩ ඉවත් කිරීම‍, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.