Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 19, 2018

කියුබාවේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මියයයි

කියුබාවේ හොල්ගින් සිට ගමන් ඇරඹූ බෝයින් 737 වර්ගයේ අදාළ ගුවන් යානය හවානා හි මාටි අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේදී  අනතුරට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් එකසිය දහ දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර එහි සියලුම මගීන් කියුබානු ජාතිකයින් බව සඳහන් වේ.


පුද්ගලයින් තිදෙනෙකුගේ පමණක් දිවි බේරාගැනීමට සමත්ව ඇති අතර ඔවුන් ද අසාද්‍ය තත්වයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ ගුවන් යානය 1979 වර්ෂයේ නිෂ්පාදිත යානයක් බව සඳහන්වේ.