Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

යුරෝපා මත්ස්‍ය අපනයනයේ 125%ක වර්ධනයක්

පසුගිය වසරේ දී (2017) යුරෝපා සංගමය වෙත සිදු කළ මත්ස්‍ය අපනයන ප්‍රමාණය සමස්ත අපනයනයෙන් 23.1%ක් වූ අතර එය 2016 වසරට වඩා 125%ක වර්ධනයක් බව මහ බැංකු වාර්තා පවසයි.

වසර 2016ට සාපේක්ෂව පසුගිය වසරේ දී (2017) යුරෝපා සංගමය වෙත සිදු කළ මත්ස්‍ය අපනයන ප්‍රමාණය සියයට 41.8 කින්ද, අපනයන ආදායම සියයට 48.5 කින්ද ඉහළ ගොස් ඇති අතර, යුරෝපා සංගමය මගින් මෙරට මත්ස්‍ය අපනයන සඳහා පනවා තිබූ තහනම 2016 වසරේ දී ඉවත් කිරීම මෙයට ඉවහල් වී තිබේ.

ඒ අනුව 2016 ජූලි සිට 2018 මාර්තු දක්වා ගත වූ මාස 21 තුළ මෙරටින් මසුන් මෙට්‍රික් ටොන් 58,578.09ක් අපනයන කර තිබේ. ඉන් උපයා ඇති විදේශ විනිමය ප්‍රමාණය රු. මි. 92,117කි. 2018 වසරේ ජනවාරි හා මාර්තු මාස තුනක කාලය තුළ පමණක් මෙ. ටො.7174 ක් අපනයනය කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රු. මි. 11.804 කි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන මත්ස්‍ය ආනයන ප්‍රමාණය 8.4% කින් ද, ආනයන වියදමේ රුපියලේ වටිනාකම 3.4% කින් ද 2017 වසරේදී අඩුවී ඇතැයි, මහ බැංකු වාර්තාව පෙන්වා දේ.