Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

බස් ගාස්තු සංශෝධනය - කැබිනට් පත්‍රිකාව අද (15) කැබිනට් මණ්ඩලයට

බස් ගාස්තු සංශෝධනය - කැබිනට් පත්‍රිකාව අද (15) කැබිනට් මණ්ඩලයට බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද (15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉන්ධන මිල යාමත් සමඟ බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය සඳහා වු විද්වත් කමිටුව ඊයේ (14) පස්වරුවේ රැස් වී තිබේ. එහිදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් වූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.
බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කර එය අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට බස් ගාස්තු සංශෝධනය සඳහා විද්වත් කමිටුව තීරණය කර තිබේ. කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු බස් ගාස්තු සංශෝධනය සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් සියයට 10ක පමණ බස් ගාස්තු සංශෝධනයක් තමන් බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි. රජය විසින් ලබාදෙන බස් ගාස්තු සංශෝධනය සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.