Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

හැරී-මේගන් විවාහයට රැජිනගේ අනුමැතිය

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මේගන් මර්කල්ගේ විවාහයට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ.

ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී එළඹෙන 19 දා පස්වරු 1.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30) පැවැත්වීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍ය නීති ප්‍රකාරව හැරී – මෙගන් විවාහය සිදුකිරීමට නම් මහ රැජිනගේ නිල අනුමැතිය ලබාගත යුතු වන අතර එසේ නොමැතිනම් ඔවුන් දෙදෙනාගේ දරුවන්, රජකමට උරුමකම් කීමට සුදුසුකම් නොලබනු ඇත.

හැරී – මේගන් රාජකීය විවාහ මංගල උත්සවය සඳහා දේශපාලන නායකයන් කිසිවකුට ආරාධනා නොකිරීමට තීරණය කර ඇති අතර අමුත්තන් 1,200 දෙනකුට පමණ ආරාධනා කර තිබේ. එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ සිය විවාහ මංගල්‍යය පැවැත්වීමට බොහෝ රාජකීයයෝ කැමැත්තක් දක්වන අතර එය වසර 150ක් පුරා පැවත එන සම්ප්‍රදායකි. හැරී කුමරු සහ මෙගාන් වින්ඩ්සර් මාලිගයේ දී විවාහප්‍රාප්ත වන 16 වැනි රාජකීය යුවළ ලෙස හැරී - මේගන් ඉතිහාසියට එක්වෙති.