Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

2019 – “එක්දින ලෝක කුසලානය” මැයි 30

2019 වසරේ එක්දින ලෝක කුසලානය (ICC) මැයි 30 වැනි දින සිට ජුලි 14 වැනි දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

2019 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය මාර්තු මස 29 වැනිදා සිට මැයි මස 19 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය හා ජාත්‍යන්තර තරඟ අතර දින 15ක නිවාඩු කාලයක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ “ලෝධා” කමිටුව නිර්දේශ කර තිබේ. ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජුනි 04 වැනි දින දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟය ජුනි 16 වැනි දින “ඕලඩ් ට්‍රැෆෝඩ්” ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත. ලෝක කුසලාන තරඟාවලියේ නිල තරඟ කාලසටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ.