Social Icons

facebookrss feedemailtwitter

Monday, May 14, 2018

පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. පුද්ගලයෙකු පැරිස් නුවරදී පිහි ඇණුමක් සිදු කිරීමෙන් එම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පිහි ඇණුම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් මිය ගොස් ඇති බව සඳහන්. ප්‍රහාරයේ වගකීම අයි එස් ත්‍රස්ත සංවිධානය භාර ගෙන ඇත. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් ට්විටර් පණිවුඩයක් ඔස්සේ අදහස් පළ  කළා. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රංශයට යළි රුධිරයෙන් වන්දි ගෙවීමට සිදු වූ බවයි. කෙසේ වෙතත් සතුරන්ට නිදහසේ කටයුතු කිරීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.