Social Icons

facebookrss feedemailtwitter

Monday, May 14, 2018

බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව රැස්වෙයි

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව අද (14) දිනයේ රැස්වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමන සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න අදාළ කමිටුව රැස්වී සාකච්ඡා කර නිදේශ ඉදිරිපත් කිරීමට නියමිත බවයි. කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය සඳහා එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා ඊයේ පැවසුවේ, 15% කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජයට පියවර නොගත හොත් 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බවයි.