Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

සම්මත වේලාවේ වෙනස ඉදිරි ආර්ථික ශක්තිමත් භාවයට හේතු වේ

දකුණු කොරියාව හා ජපානය යන රටවල එකම සම්මත වේලාවක් ක්‍රියාත්මක වූ නමුත් උතුරු කොරියාව තුළ ක්‍රියාත්මක වූයේ එම රටවලට වඩා පැය භාගයක් පසු පසින් සිටන ලෙසයි. එයට හේතු වී ඇත්තේ, ඔවුන් ‍පැවති සම්මත වේලාව වෙනස් කිරීමට කටයුතු කළ නිසාය.

ජපානය හා කොරියාව අතර පැවැති මතභේදකාරී පාලනය මේ අර්බුදයට බලපෑ ආසන්නතම හේතුව වශයෙන් පෙන්වා දීමට හැකි වේ.


ජපන් අධිරාජ්‍යයා හා ඒ පැවැති පාලන කාලය තුළ සිදු වූ දේශපාලන අවුල් සහගත තත්ත්වයන් හමුවේ 1950 වර්ෂයේ දී මෙලෙස උතුරු කොරියාව සිය රටේ වේලාව ගිනිච් වේලාවෙන් පැය භාගයක් පසුපසට ගෙන තිබේ. ඒ ජපානයට සිය වි‍රෝධය දක්වමිනි.

පසුගියදා සිදුවූ ඓතිහාසික දකුණු කොරියානු හා උතුරු කොරියානු රාජ්‍ය නායක හමුවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නව තීරණයට එළඹ තිබේ. එම හමුවේ දී ගනු ලැබූ සාධනීය යෝජනා වලින් එකක් වශයෙන් මෙය හඳුන්වා දීමට හැකිය. මේ වෙනස් වීමත් සමඟ උතුරු - දකුණු කොරියා අර්ධද්වීපයේ ද ජපානයේ ද පවතින්නේ එකම වේලාවකි. මෙම තීරණය ඉතා වැදගත් වන්නේ, රටවල් අතර පවතින ආර්ථික සබඳතාව සඳහා බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දේ. එමෙන්ම විවිධ කේෂ්ත්‍රවල ශක්තිමත් භාවය සඳහා මෙය ඉවහල් වේ.