Social Icons

facebookrss feedemailtwitter

Monday, May 14, 2018

ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි

ලොවක් අතැඹුලට ගත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් එලියට් සකර්බර්ගේ (Mark Elliot Zuckerberg) ජන්ම දිනය අදට යෙදී තිබේ. 1984 වසරේ මැයි 14 දින උපන් ඔහු අද දින පා තබන්නේ සිය දිවියේ 34 වන වියටයි.

මේ වන විට දරු දෙදෙනෙකුගේ පියකු වන සකර්බර්ග් විවාහ වී සිටින්නේ ළමා වෛද්‍යවරියක් වන Priscilla Chan සමඟයි. සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරයි. එසේම ඔහු ෆේස්බුක් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටින ඇමරිකානු තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ ලොව ධනවත් පුද්ගලයෙකු ලෙස සැළකේ.