Social Icons

facebookrss feedemailtwitter

Monday, May 14, 2018

චීන විදේශ අමාත්‍යවරයා හා ඉරාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ‍බෙයිජිං හී සිටින ඉරාන විදේශ අමාත්‍ය Mohammad Javad Zarif මහතා සමඟ සාකච්ඡාවක නිරත වේ.

චීනය “එක් තීරයක් - එක් මාවතක්” ව්‍යාපෘතිය මඟින් පොදුවේ සංවර්ධනය කිරීමේ වැදගත් හවුල්කාරි රටක් වශයෙන් සළකන ඉරානය සමඟ විවිධ ක්ෂේත්‍රවල පවතින සහයෝගීතාවන් වඩාත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව වං යී මහතා එහිදී පැවසීය.

බහුපාර්ශ්විකවාදය හා ජාත්‍යන්තර ගිවිසුම් ස්ථීර ලෙස ආරක්ෂා කිරීමට චීනය උත්සාහ කරන බව හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය. ඉරානය ඇතුළු අදාළ විවිධ පාර්ශ්වයන් සමඟ සබඳතා පවත්වා ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්පූර්ණයෙන් අඛණ්ඩ ලෙස ආරක්ෂා කිරීම චීනයේ අපේක්ෂාව බව වං යී මහතා සඳහන් කළේය. න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය වෙනුවෙන් ප්‍රශංසා කරමින් ඉරානය එම ගිවිසුමට අදාළ විවිධ පාර්ශ්වයන් සමඟ සම්බන්ධතාවන් පැවැත්වීමට කැමති බව Mohammad Javad Zarif මහතා එහිදී පැවසීය.

න්‍යෂ්ටික ගිවිසුම අඛණ්ඩව, පරිපූර්ණ ලෙස හා ඵලදායි වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහතිකය ලබාදීම විවිධ පාර්ශ්වයන්ගේ පොදු වගකීම යැයි, ඉරානය අදහස් කරන බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. ඒ සඳහා ඉදිරියටත් ඉරානය කැපවෙන බව හෙතෙම අවධාරණය කළේය.