Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

ගෝලීය උණුසුම වැඩිවෙලා කොරල් පරය මිය යෑමේ අවදානමක්

සැමෝවා දූපත්හි උපොලු දිවයින ආසන්නයේ පිහිටා ඇති කොරල් පරය මිය යමින් ඇති බව විද්‍යාඥයින් පවසයි. ගෝලීය උණුසුම ඉහළ යෑම සහ සාගර දූෂණය ඇතුළු සාධක කිහිපයක් ඊට හේතුවී ඇති බව සඳහන්.



පැසිෆික් සාගරයේ පිහිටා ඇති කොරල් පර පිළිබඳව විද්‍යාඥයින් සිදුකල අධ්‍යයනයකදී උපොලු දිවයින ආසන්නයේ පිහිටි කොරල් පරය සියයට 10ක ප්‍රතිශතයකින් අඩුවී ඇති බව සොයාගෙන තිබේ. හානිවූ කොරල් පරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් තීරණය කර ඇති බව වාර්තා වේ.


උපොලු දිවයින ආශ්‍රිතව පිහිටි විශේෂයෙන් ආරක්ෂා කරන ලද කලාප දෙකක පමණක් සියයට 40ත් 60ත් අතර ජීවී කොරල් පවතින බව විද්‍යාඥයින් පවසයි. දේශගුණික විපර්යාස මෙන්ම සාගර දූෂණය සහ ධීවර කටයුතු හේතුවෙන් මෙලෙස කොරල් පර මිය යමින් පවතින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.