Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

කෑන්ස් සිනමා සම්මාන උළෙලේ දී ප්‍රථම වරට රතු පලස මත විරෝධතාවක්

සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, නළුවන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් විරෝධය පාමින්, ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට සහභාගී වුණු නිළියන් කිහිපදෙනෙක් රතු පලස මත විරෝධතාවක නියැලින.

ඒ කේට් බ්ලැන්චෙට්, ක්‍රිස්ටීන් ස්ටුවර්ට් පමණක් නොව සම්මානීය නිළි ජේන් ෆෝනඩා ඇතුළු ජනප්‍රිය හොලිවුඩ්  නිළියන් රැසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ. කෑන්ස් සිනමා උලෙළට යුරෝපා සහ හොලිවුඩ් සිනමා නිර්මාණ පමණක් නොව, ලොව බොහෝ රට වලින් සිනමා නිර්මාණ ඉදිරිපත් කරනවා. එම සිනමා නිර්මාණ ඇගැයීම සිදුවෙන අතර වාරයේ මෙම සම්මාන ප්‍රදානය සිදු කරනු ලබන්නේ.

කාන්තා අධ්‍යක්ෂවරියන්ගේ සිනමා නිර්මාණ සෑම වසරකම බිහිවන නමුත්, ඒවා කෑන්ස් සිනමා උලෙළට ඇතුළත් නොවන බවටත්, සිනමා උළෙලේ පුරුෂාධිපත්‍ය රජයන බවටත් විරෝධතාවට එක්වූ නිළියන්ගේ චෝදනාව විය. කෑන්ස් සිනමා සම්මාන උළෙලකදී මෙසේ විරෝධතාවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තාගත වන්නේ.